පැනමාවේ භූ චලනක්

පැනමාවේ භූ චලනක්

පැනමාවේ භූ චලනක්

කර්තෘ Staff writer

13 May, 2019 | 9:13 am

COLOMBO (News 1st) : පැනමාවේ, බටහිර දිග ප්‍රදේශයේ කොස්ටා රිකා දේශ සීමාව ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6 .1 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණය සඳහන් කළේ, පැනමාවේ සැන්ටා කෘස් නගරයට ආසන්නව කිලෝ මීටර 37 ක් ගැඹුරින් මෙම භූ චලනය හටගෙන ඇති බවයි .

භූ චලනයෙන් සුනාමි රළ හටගැනීමේ අවදානමක් නැතැයි, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණය සඳහන් කළේ, භූ චලනයෙන් ජීවිත හෝ දේපළ හානි සිදුවීමේ විශාල අවදානමක් නොමැති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]