by Staff writer 12-05-2019 | 10:29 PM
COLOMBO (News 1st) : රත්මලාන, සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ තිබී අත්බෝම්බ දෙකක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගැනිණ.
පොලීසිය සහ ගුවන් හමුදාව අද රත්මලාන ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයා ගෙන ඇත්තේ රත්මලාන සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ක්‍රිඩාංගණයක් අසල තිබීයදීයි.
අත්බෝම්බ 2ක් සහ ඩෙටනේටර් 5ක්, අදාළ ස්ථානයේ තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.
කිසියම් අයෙකු විසින් මේවා එම ස්ථානයේ දමා යන්නට ඇතැයි, ඔවුන් සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.