ශ්‍රී පාද පුදබිමේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක්

ශ්‍රී පාද පුදබිමේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසේ

by Staff writer 12-05-2019 | 2:44 PM

COLOMBO (News 1st) - ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් වන්දනාකරුවන් ශ්‍රීපාදස්ථානයට රැගෙන විත් ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාව පවසයි.

එහි කර්මාන්ත ක්ෂේත්‍ර නිලධාරී ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා සඳහන් කළේ, නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා කොටසේ මෙම ප්ලාස්ටික් බෝතල් ගොඩගැසී ඇති බවයි. එම ප්‍රදේශයට පානීය ජලය ලබා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම ඊට හේතුව බව ද ඔහු පැවසුවේ ය. මෙවර වන්දනාකරුවන් කැලි කසළ නිසි අයුරින් බඳුන්වලට බැහැර ඇත. ගොඩගැසී ඇති ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණයට යොමු කරන බව ද හේමන්ත මහතා සඳහන් කළේ ය.