by Staff writer 12-05-2019 | 3:49 PM
COLOMBO (News 1st) : අමෙරිකාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කරනු ලැබූ 'ෂර්මන්' නම් වූ අමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව අද කොළඹ වරායට සේන්දු විය.
නාවික හමුදාව ප්‍රකාශ කළේ, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111දෙනෙකුගෙන් එහි නැව්මුළුව සමන්විත වන බවයි.
මීටර් 115ක දිගින් යුක්ත වන මෙම නෞකාව, අවි ආයුධවලින් ද එය සමන්විතයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීමෙන් පසු ශර්මන් නෞකාව නාවික හමුදාව සතු විශාලතම නෞකාව වනු ඇති බව ද වැඩබලන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්මාන්ඩර් සාලිය සුදුසිංහ මහතා පැවසී ය.
මෙරට ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
https://www.youtube.com/watch?v=CPAstRE--S0