පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි හෙට ඇරඹේ

පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දෙවන පාසල් වාරය හෙට ඇරඹේ

by Staff writer 12-05-2019 | 12:10 PM

COLOMBO (News 1st) - පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් හෙට දෙවන පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, මේ වනවිට පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. මේ අතර සියලු පාසල්වල ආරක්ෂාව තර කර ඇතැයි යුද හමුදාව පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසුමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව පාසල්වල ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.