ජනතා ආරක්ෂාව වෙනුවෙන් නව කඳවුරු පිහිටුවනවා

ජනතා ආරක්ෂාව වෙනුවෙන් නව කඳවුරු පිහිටුවන බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 12-05-2019 | 7:54 AM

COLOMBO (News 1st) - ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නැගෙනහිර පළාතේ නව කඳවුරු පිහිටුවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

නිව්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ, ත්‍රස්ත සැකකරුවන් හමුදාවට රඳවා තබාගත හැකි කාලසීමාව වැඩි කරන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.