ඡන්ද හිමි නාම ලේඛන බෙදාහැරීමට පියවර

ඡන්ද හිමි නාම ලේඛන බෙදාහැරීමට පියවර

by Staff writer 12-05-2019 | 6:05 PM
COLOMBO (News 1st) : 2019 ඡන්ද හිමි නාම ලේඛන නිවෙස් හිමියන් වෙත බෙදාහැරීම ලබන 15 වනදා ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. සම්පූර්ණ කරන ලද ඡන්ද හිමි නාම ලේඛන යළි එකතු කිරිම ජුනි මස 6 වනදායින් පසුව සිදු කිරීමට නියමිතයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ආබාධ සහිත ඡන්ද දායකයින් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛනයේ නම් සඳහන් වන එවැනි ආබාධිත පුද්ගලයින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බව, මැතිවරණ කොමිසම ප්‍ර‍කාශ කළේ ය.