ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 12-05-2019 | 6:33 AM
දේශීය පුවත් 1. රියැදුරන් දෙදෙනා ම බීමතින් සිට ඇති බව හෙළිවෙයි: ආරක්ෂක අංශ අණ නොතකා ධාවනය කෙරුණු මෝටර් රථ දෙකකට නාවික හමුදාව වත්තලදී වෙඩි තබා තිබේ. 2. “වෙන අයට අවශ්‍ය විදිහට අපේ රටේ පනත් සකස් විය යුතු නැහැ”: රටට ප්‍රතිත්‍රස්ත පනතක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ පවතින පනතට සංශෝධන සිදු කර ශක්තිමත් කිරීම බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. 3. ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවිවරයෙක් කටුනායකදී අත්අඩංගුවට: ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි මව්ලවිවරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. රජරට වෛද්‍ය පීඨ අවසන් වසර අධ්‍යයන කටයුතු 13 ඇරඹේ: රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කරන බව එහි පාලනාධිකාරිය පවසයි. විදෙස් පුවත් 5. පකිස්තානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්: පකිස්තානයේ, බලුචිස්තාන් ප්‍රාන්තයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.