කොට්ටාවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොට්ටාවේ ජීප් රථ අනතුරින් දෙදෙනෙකු මරුට

by Staff writer 12-05-2019 | 10:20 AM

COLOMBO (News 1st) - කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති බවයි. අනතුරින් ජීප් රථයේ සිටි පස්දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. මිය ගොස් ඇත්තේ 33 සහ 36 හැවිරිදි මීගොඩ පනාලුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.