එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට...

by Staff writer 12-05-2019 | 7:16 AM

COLOMBO (News 1st) - වෙළෙඳපොළ තුළ මේ වන විට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජි.විජේනන්ද මහතා සඳහන් කළේ, අමුමිරිස්, කරවිල, පතෝල, වැටකොලු ඇතුළු එළවළු රැසක මිල ඉහළ ගොස් ඇති බවයි. පසුගිය මාස හා කිහිපය හා සසඳා බැලීමේදී එළවළු මිල 100 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය. එළවළු මිල ඉහළ යාමට බලපෑ හේතුව ලෙස අයි.ජි.විජේනන්ද මහතා පැවසූවේ, පවත්නා කාලගුණයත් සමග සැපයුම අඩුවීම බවය.