ඉන්දීය මහ මැතිවරණයේ හයවැනි අදියර අද යි

ඉන්දීය මහ මැතිවරණයේ හයවැනි අදියර අද යි

by Staff writer 12-05-2019 | 8:10 AM

News 1st - ඉන්දීය මහ මැතිවරණයේ හයවැනි අදියර අද පැවැත්වේ.

ඒ අනුව නවදිල්ලි අගනුවර ඇතුළු ප්‍රාන්ත 6 ක් කේන්ද්‍ර කර ගනිමින් අද ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. එලෙස අද ඡන්ද විමසීම පැවැත්වෙන අනෙක් ප්‍රාන්ත වන්නේ උත්තර ප්‍රදේශ්, හර්යානා, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, බටහිර බෙංගාලය සහ ජාර්කන්ද් ය. ඉන් තෝරා ගැනීමට අපේක්ෂිත සභිකයින් ගණන 59 කි. ඡන්ද දායකයින් 66 ලක්ෂ 85,401 ක්, එම ප්‍රාන්ත 6 න් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ. අදියර 7 කින් සමන්විත ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර ලබන 19 වැනි දා පැවැත්වීමට නියමිතය. නිල ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ ලබන 23 වැනිදා යි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය තරමක් පළුඳු වී ඇති බැවින් මෙවර මැතිවරණයේ වැඩි වාසි රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය සතුවන බව දේශපාලන විචාරකයින් පවසති.