by Staff writer 12-05-2019 | 11:37 AM
News 1st - ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අමිතාබ් බච්චන් මව්වරුන් වෙනුවෙන් නිර්මාණය කළ නවතම ගීතය අන්තර්ජාලයට මුදාහැර තිබේ.
එය නිර්මාණය කර ඇත්තේ, අදට යෙදෙන ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙනි.
එම ගීතය 'මා' ලෙස නම් කර ඇත.
දරුවන් වෙනුවෙන් මවක් සිදු කරන අපරිමිත කැපකිරීම් සහ මව් සෙනෙහසේ අපූර්වත්වය ඇතුළත්ව නිර්මාණය කර ඇති එම ගීතය සියලු මව්වරුන් වෙනුවෙන් තිළිණ කරන බව අමිතාබ් බච්චන් ප්‍රකාශ කළේ ය.