8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට

8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට

by Staff writer 11-05-2019 | 12:33 PM

News 1st - ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට 8 වන වරටත් සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ තරගාවලියේ තෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරමිනි. විශාකාපට්නම්හිදියි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් රැස් කළේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පසු කළේ පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියදීයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් 8 වන අවස්ථාව මෙය වන අතර අඛණ්ඩ දෙවන අවස්ථාව ද මෙයයි. ඒ අනුව හෙට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිත වේ.