8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට

8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට

8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට

කර්තෘ Staff writer

11 May, 2019 | 12:33 pm

News 1st – ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට 8 වන වරටත් සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ තරගාවලියේ තෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරමිනි.

විශාකාපට්නම්හිදියි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් රැස් කළේ ය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පසු කළේ පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියදීයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් 8 වන අවස්ථාව මෙය වන අතර අඛණ්ඩ දෙවන අවස්ථාව ද මෙයයි.

ඒ අනුව හෙට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]