ප්‍රතිත්‍රස්ත පනත ගැන යුද හමුදාපති කතා කරයි

"වෙන අයට අවශ්‍ය විදිහට අපේ රටේ පනත් සකස් විය යුතු නැහැ"

by Staff writer 11-05-2019 | 9:10 PM
COLOMBO (News 1st) : රටට ප්‍රතිත්‍රස්ත පනතක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ පවතින පනතට සංශෝධන සිදුකර ශක්තිමත් කිරීම බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ, නිවුස් ෆස්ට් සමග අද පස්වරුවේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා පැවසුවේ රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින්, ජනතාවට සැකයකින් තොරව දෛනික කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි. කිසිදු විදේශීය හමුදාවක් හෝ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාවට මැදිහත් නොවන අතර අවශ්‍ය අංශවල විශේෂඥ සහය පමණක් ලබා ගන්නා බව ද මෙහිදී හමුදාපතිවරයා අවධාරණය කළේ ය. https://www.youtube.com/watch?v=BpltMMLrxQg