ත්‍රස්තවාදී සිදුවීම් නිසා මම පසුබාන්නෙ නැහැ..

ප්‍රහාරයේ වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 11-05-2019 | 6:48 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරයේ වගඋත්තරකරුවන් වන ඕනෑ ම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තව ද ජනාධිපතිවරයා පවසන්නේ, බෝම්බ පිපිරීම් සිදුවනවාට කැමති දේශපාලන අවස්ථාවාදීන් ද රට තුළ සිටින බවයි.ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, - රට වෙනුවෙන් එකට සිටුමු - සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේ අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
"මේ ත්‍රස්තවාදීන් අප්‍රේල් 21 අපට පහරදුන්නා ලෝකේ යුරෝපීය රටවල් සියල්ලටම පහරදුන්නා.මේ වගේ පිපිරීම් රුසියාවේ කලා.ඇමරිකාවේ කලා කැනඩාවේ කලා.ඕස්ට්‍රේලියාව ඉන්දුනීසියාව ඉන්දියාව සියල්ලේම මේ වගේ පිපිරීම් කලා .ඒත් ලෝකයේ මේ ත්‍රස්තවාදීන් පිපිරීම් කරලා පහරදීම් කරලා මිනිස් ජීවිත විනාශ කරනකොට ඒ රටේ නායකයෝ කවුරුවත් ඒ රටේ නායකයාට කිවුවේ නැහැ උඹ අස්වෙයන් ගෙදර පලයන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම් නිසා මමත් පසුබාන් නැහැ. පස්සට යන්නැහැ .මම බය වෙන්නෙත් නැහැ.මම ගෙදර යන්නෙත් නැහැ. මම ගහලාප ඉවර කරනවා මේ ත්‍රස්තවාදීන්ට. 21 වෙනිදා සිදුවෙච්ච සිදුවීම් වලට වගකිව යුතු අයට විරුද්දව මං නීතිමය පියවර ගන්නවා.මේ වගකීම් පැහැරහැරියේ කවුද කියලා හොයන්න මං ශ්‍රේෂ්ඨාධීකරණ විනිස්චයකාර වරුන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත්කලා.ඔවුන් අතුරු වාර්තා දෙකක් දීලා තිබෙනවා.ලබන සතියේ ඔවුන් අවසන් වාර්තාව දේවි.විශේෂයෙන්ම වගඋත්තර කරුවන් වන ඕනෑම කෙනෙක්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරනවා.මේ වගේ ජීවිත විනාශ කරපු එකේ වගකීම ඔවුන් භාරගත යුතුයි. මේ රටේ අවාසනාවකට සමහර අය ඉන්නවා බෝම්බ පුපුරනවා නම් කැමති අයත්. ඒ දේශපාලන අවස්ථාවාදියෝ දේශපාලන කුහකයෝ. ඒ නිසා අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කරමු"
ජනතා ගැටලු කාර්යක්ෂමව හඳුනා ගනිමින් ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. මේ යටතේ සිදු කෙරෙන සංවර්ධන හා සේවා ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 92කි. ඉන් ප‍්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව හාරලක්ෂ පනස්දහසකට අධිකයි. https://www.youtube.com/watch?v=rYB4KbI-irk