පකිස්තානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්

පකිස්තානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්

by Staff writer 11-05-2019 | 8:33 PM
COLOMBO (News 1st) : පකිස්තානයේ, බලුචිස්තාන් ප්‍රාන්තයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගිනි අවි අතැතිව ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු හෝටලයට ඇතුළු වී ඇති බවයි. ඉන් සිදුවූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත. එරට ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එලෙස අදාළ හෝටලයට කඩා වැදී ඇත්තේ කුමන සංවිධානයකට අයත් ත්‍රස්තවාදීන් පිරිසක් දැයි මෙතෙක් තහවුරු වී නොමැත.