දිවයිනට පැමිණි පලස්තීන ජාතිකයෙකු ආපසු හරවා යවයි

දිවයිනට පැමිණි පලස්තීන ජාතිකයෙකු ආපසු හරවා යැවීමට පියවර

by Staff writer 11-05-2019 | 11:54 AM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණි පලස්තීන ජාතිකයෙකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබේ.

එම නිලධාරීන් පැවසුවේ, 45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති අදාළ පුද්ගලයා ඉන්දියාවේ සිට ඊයේ රාත්‍රී මෙරටට පැමිණි බවයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මතු වූ සැකයක් මත යළි හරවා යැවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.