ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-05-2019 | 6:33 AM
දේශීය පුවත් 1. තංගල්ලෙන් තියුණු ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගනී: ආරක්ෂක අංශ ඊයේ තංගල්ල නගරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තියුණු ආයුධ ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2. පාර්ලිමේන්තුවට ඩ්‍රෝන කැමරාවකින් හරි ගහනවනම් මිනිස්සු කැමතියි – සුනිල් හඳුන්නෙත්ති: ඩ්‍රෝන යානා යොදා ගනිමින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුවන සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. 3. ඉන්ධන මිල ඉහළට: අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. 4. සහරාන්ගේ දියණියගේ DNA පරීක්ෂණයක් කිරීමට අධිකරණයෙන් CID යට අවසර: ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක ෂැංග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් හෂීම් නැමැත්තාගේ සිව්හැවිරිදි දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. විදෙස් පුවත් 5. ට්විටර් ගිණුම් 166,513 ක් අත්හිටුවයි: ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වාගෙන ගිය ට්විටර් ගිණුම් 166,513 ක් අත්හිටුවා තිබේ.