කටුනායකදී මව්ලවිවරයෙක් අත්අඩංගුවට

ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවිවරයෙක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 11-05-2019 | 7:24 PM
COLOMBO (News 1st) : ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි මව්ලවිවරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනට පැමිණි කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉස්ලාම් දේවස්ථානවල දේශන පැවැත්වූ සැකකරු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පොලීසිය සඳහන් කළේ, ඔහු ආගමික සංහිඳියාව බිඳෙන ආකාරයෙන් වීඩියෝ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පොලීසියට අවශ්‍ය සිටි සැකකරුවෙකු බවයි. සෙට්ටිකුලම, මුදලියාකුලම් ප්‍රදේශයේ පදිංචි සැකකරු මොහයිදීන් කනී සේගු මුනාජිත් නමින් හඳුනාගෙන තිබේ. ඔහු මසකට වරක් සෞදි වන්දනා චාරිකා සංවිධාන කරන්නෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.