අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා...!

අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී දරුවන් පාසල් එවන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක්...!

by Staff writer 11-05-2019 | 6:45 AM

COLOMBO (News 1st) - පාසල් ඇතුළු සියලු ස්ථානවල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

ඔහු සඳහන් කළේ, ආරක්ෂක අංශ පිළිබඳ විශ්වාසය තබා පාසල්වලට දරුවන් එවන ලෙසයි. මේ වන විට පැවැති ත්‍රස්තවාදී තර්ජනවලින් 95% ක්ම ආරක්ෂක අංශ මැදිහත්ව මැඩපවත්වා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.