by Staff writer 11-05-2019 | 7:31 AM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, මන්නාරම, වවුනියා, මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට සහ උතුරු මැද පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කිරීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.