සොයිසාට හා අවිශ්කට අයි.සී.සී යෙන් තහනමක්

සොයිසාට හා අවිශ්කට අයි.සී.සී යෙන් තහනමක්

by Staff writer 10-05-2019 | 12:27 PM
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්  හා පුහුණුකරුවන් වන  නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනට තහනමක් පැණවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති පන්දුවාර 10 බැගින් වූ තරගාවලියට සහභාගී වෙමින් සිටිය දී,  එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතන විනය නීති උල්ලංගණය කළ බවට චෝදනා එල්ල කරමින්. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ, එක්සත් අරාබි එමීර්  ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඉහත තීරණයට එළඹි බවයි. අද නිකුත් කළ නිවේදනයට අනුව, නුවන් සොයිසාට එරෙහිව කරුණු 4ක් යටතේ චෝදනා එල්ල කර තිබේ. අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වී ඇත්තේ,  කරුණු දෙකක් යටතේයි. එසේම තම නිර්දෝශීභාවය ප්‍රකාශ කිරීමට නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනට මැයි මස 9 වැනිදා සිට දින 14ක කාලයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබා දී ඇත. මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වූ නුවන් සොයිසාට  කරුණු තුනක් යටතේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තහනමක් පැණවීමට කටයුතු කළේය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනය.