සුපර් 30 තිරගත කිරීම කල්යයි

සුපර් 30 තිරගත කිරීම දින නියමයක් නොමැතිව කල්යයි

by Staff writer 10-05-2019 | 5:10 PM

රිතික් රෝෂන් රඟන සුපර් 30, සිනමා පටය තිරගත කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

එය තිරගත කිරීමට සැලසුම් කර තිබුණේ ලබන ජූලි මස 26 වැනි දායි. එහෙත් කන්ගනා රනෝට් රඟන මෙන්ටල් හේ ක්‍යා සිනමා පටය එදින සිට තිරගතවීම් ආරම්භ කිරීම හේතුවෙන් සුපර් 30 සිනමා පටය තිරගත කිරීම කල් දැමූ බව රිතික් රෝෂන් පවසයි. සුපර් 30, අනුරාග් කාෂ්‍යප් සහ විකාශ් බාල්ගේ අධ්‍යක්ෂණයකි.