by Staff writer 10-05-2019 | 2:46 PM
සියලු විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන දිනය තීරණය කිරීමේ බලය උපකුලපතිවරුන්ට පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව මැයි මස 13 වැනිදායින් පසු ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්වේ නම්, ඕනෑම දිනයක දී විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා නැවත ආරම්භ කිරීමේ අවස්ථාව තිබේ.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම් දෙන්නේ ඉංජිනේරු පීඨය හා කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨය හැර අනෙකුත් පීඨයන්ගේ අධ්‍යයන කටයුතු මැයි 14 වැනි දා ආරම්භ කෙරෙන බවයි.