විපක්ෂ නායක නෙදර්ලන්ත තානාපතිනිය හමුවෙයි

විපක්ෂ නායකවරයා සහ නෙදර්ලන්ත තානාපතිනිය අතර හමුවක්

by Staff writer 10-05-2019 | 4:57 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ නෙදර්ලන්ත තානාපතිනි යෝන් ඩෝනවාට් මහත්මිය අතර හමුවක් අද පෙරවරුවේ සිදු විය.

එහිදී ඇය පසුගිය 21 වැනි දා එල්ල වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජයේ සහ එරට ජනතාවගේ කනගාටුව පළ කර තිබේ. විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ, එම ත්‍රස්ත ප්‍රහාරයෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු මිය යාම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ද සිය කනගාටුව පළ කළ බවයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක් ව සිටි අතර හමුව සිදුවූයේ විජේරාම නිල නිවසේදී ය.