ද සොයිසා කාන්තා රෝහලේ සත් දෙනෙකු සිහි මුර්ජාවෙයි

රසායන ද්‍රව්‍ය බෝතලයක් බිඳී යාමෙන් "ද සොයිසා" කාන්තා රෝහලේ සත්දෙනෙකු සිහි මුර්ජාවෙති

by Staff writer 10-05-2019 | 2:35 PM
ද සොයිසා කාන්තා රෝහලේ රසායන ද්‍රව්‍ය බෝතලයක් බිඳි යාමෙන් 07 දෙනෙකු සිහි මුර්ජාවී ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පිරිසිදු කරන අවස්ථාවක එම බෝතලය බිම වැටී එහි ඇතුළත තිබු රසයනාද්‍රව්‍ය පිටතට ගලා ඒමෙන් මෙම පිරිස සිහි මුර්ජාවී ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතර ජාතික රෝහලෙන් කල විමසීමකදී එහි නිලධාරිනියක් සඳහන් කළේ, රසායන ද්‍රව්‍යයක් ආඝ්‍රහණය වීමෙන් පිරිසක් රෝහලට ඇතුලත් කල බවත් ඔවුන් මේ වන විට මුලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.