තේ අපනයනයෙන් අ.ඩො. බිලියන 1.5 ක ආදායම් අපේක්ෂාවක්

මේ වසරේ තේ අපනයනයෙන් අ. ඩොලර් බිලියන 1.5 ක ආදායම් අපේක්ෂාවක්

by Staff writer 10-05-2019 | 5:43 PM

COLOMBO (News 1st) - මේ වසරේ තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායම් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

එහි සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කළේ, තේ කිලෝග්‍රෑම් මිලියන 307 - 310 අතර ප්‍රමාණයක් මේ වසරේ අපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි. එම අරමුණ කරා ළඟාවීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.