COLOMBO (News 1st) - ඩ්‍රෝන යානා යොදා ගනිමින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුවන සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම මහින්ද අමරවීර,
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නැගෙනහිර පළාතේ, උතුරු පළාතේ ඩ්‍රෝන කැමරා පාවිච්චි වෙනවා. බොහොම උඩින්. කිලෝමීටර් ගාණක් උඩින් යන ඒවා. මේවගේ කතාවක් යනවා මේක අමෙරිකාව සම්බන්ධ වෙලා කරන කාර්යක් කියලා ඉඩම් මැනීම සම්බන්ධව සිද්ධ වෙනවා කියලා, මේ සම්බන්ධව අපි දන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා. මේ මිලේනියම් ෆන්ඩ් එකත් එක්ක එන අරමුදලකුත් එක්ක කියන ආරංචිය යනවා. ඉඩම් පිළිබඳව තොරතුරු රැස් කිරීමක් පිළිබඳව කතා වෙනවා. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා, රටේ ජනතාව දැනුවත් කරන්න. තහනම් නම් කාටත් තහනම්.
මෙවැනිම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව නිව්ස්ෆස්ට් අප 2017 වසරේ මාර්තු මාසයේදී හෙළි කළෙමු.
එහිදී අනාවරණ වූයේ, විදේශීය සමාගමක් වයඹ ප්‍රදේශයේ ඛනිජ සම්පත් ඇති ස්ථාන හඳුනාගැනීම ගුවනින් ගවේශන සිදු කරන බවයි.
අද වන විට නැවතත් එවැනිම කතාබහක් පැතිර යන බැවින් මේ පිළිබඳව වගකීමෙන් සොයා බලන ලෙස සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ද අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේ ය.
ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් ප්‍රශ්නයත් පාර්ලිමේන්තුවට ඉහළිනුත් තියෙනවය ඒ නිසා ආරක්ෂාව තර කරලා තියෙනවා කියන කාරණය පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මන්නාරම් මුලතිව් එලුවම්කුලම ගාල්ලවගේ ප්‍රදේශ ගනණාවක කිලෝමීර් 10 ට වඩා උඩින් මේ ඩ්‍රෝන කැමරා නිරීක්ෂණයන් තියෙනවා කියලා කියනවා. ඒවා රජයෙන් කරන ඒව ද නැත්තන් වෙන්ත පාර්ශවයන්ගෙන් කරන ඒව ද කියලා ඔබතුමන්ලා විසින් තහවුරු කරන්න ඕනේ. මේ වෙලාවේ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි තර්ජනයට ලක්වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ඩ්‍රෝන කැමරාවකින් හරි ගහනවනම් මිනිස්සු කැමතියි. හැබැයි රටේ ජනතාවගේ ආරක්ෂාවයි වැදගත් වෙන්නේ. දියවන්නාවේ 225 දෙනාගේ ආරක්ෂාව රටේ ජනතාවට වැඩක් නැහැ. වගකීමෙන් ඉල්ලනවා ඒ පිළිබඳව හොයා බලන්න කියලා