නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය රජයට අනුබද්ධ කිරීම ?

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය රජයට අනුබද්ධ කිරීම ?

by Staff writer 10-05-2019 | 9:03 AM
ආන්දෝලනයට ලක්ව ඇති නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ඉදිරියේදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට හෝ සංචාරක අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා වී තිබේ. ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිලිබදව ආංශික අධික්ෂණ කමිටුවට යෝජනා ඉදිරිපත්ව ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. ඔහු සදහන් කළේ ඊයේ දිනයේ කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ පිලිබදව ගැඹුරින් සාකච්ඡා කළ බවයි. මීට අමතරව ඊයේ දිනයේ දී අදාළ ආයතනය සදහා පහසුකම් සැපයූ හා ලියාපදිංචිය ලබාදුන් ආයතන කිහිපයක නිලධාරීන්ද උසස් අධ්‍යාපනය පිලිබදව ආංශික අධික්ෂණ කමිටුව හමුවට කැඳවා තිබේ. සමාගම් රේජිස්ට්‍රාර් කාර්යාලය, ආයෝජන මණ්ඩලය, රාජ්‍ය බැංකු හා ඉඩම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද  කමිටුව හමුවට කැඳවා ඒ සදහා නිකුත් කළ ලිපි හා අවසර පත්‍ර පරීක්ෂා කළ බව ද මහාචාර්ය ආශු මාරසිංහ මහතා සදහන් කළේය. අදාළ වාර්තාව මේ මස අවසානයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.