තංගල්ලෙන් තියුණු ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගනී

by Staff writer 10-05-2019 | 10:40 PM

COLOMBO (News 1st) - දේශපාලනඥයින් පෞද්ගලික අරමුණු මත කටයුතු කරද්දී ආරක්ෂක අංශ තවදුරටත් රට වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටි.

අද ත් ආරක්ෂක අංශ රටපුරා මෙහෙයුම් දියත් කළේ ඒ අනුවයි. ආරක්ෂක අංශ අද තංගල්ල නගරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තියුණු ආයුධ ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව, යුද හමුදාව සහ පොලීසිය එක් ව අද පෙරවරුවේ ක්‍රියාත්මක කළ මෙම සෝදිසි මෙහෙයුමේදී සැකපිට නගරයේ ව්‍යාපාරිකයෙකුට අයත් වෙළෙඳසැල් දෙකක් වටලා ඇත. තංගල්ල මුහුදු මාවතේ පිහිටි ධීවර උපකරණ අළෙවිසැලක් පරීක්ෂා කිරිමේදී එහි තිබී කඩු 09 ක් තියුණු පිහි 32 ක්, කෙටේරි 02, ඇතුළු උපකරණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.