ට්විටර් ගිණුම් 166,513 ක් අත්හිටුවයි

ත්‍රස්තවාදය ප්‍රචලිත වන ආකාරයට පවත්වාගෙන ගිය ට්විටර් ගිණුම් 166,513 ක් අත්හිටුවයි

by Staff writer 10-05-2019 | 6:10 PM

ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමේ අරමුණින් පවත්වාගෙන ගිය ට්විටර් ගිණුම් 166,513 ක් අත්හිටුවා තිබේ.

ඒ, පසුගිය වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළයි. ට්විටර් ආයතනයේ නීති, ප්‍රතිපත්ති හා ආරක්ෂණ ඒකකයේ ප්‍රධානී සඳහන් කර තිබුණේ රටවල් 86 ක සිට පවත්වාගෙන ගිය ගිණුම් එලෙස අත්හිටවූ බවයි. සමාජ විරෝධී කටයුතු සඳහා භාවිත කරන ට්විටර් ගිණුම් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව ද එම ආයතනය සඳහන් කර තිබුණි.