අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

කර්තෘ Staff writer

10 May, 2019 | 8:05 pm

COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164.00 ක් වනු ඇත.

රුපියල් 104.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි සංශෝධනයක් මෙවර සිදුවී නොමැත.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 136.00 ක් ලෙසයි.

එය රුපියල් 2.00 කින් ඉහළ දැමුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]