by Staff writer 09-05-2019 | 8:55 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 වන දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ සැකකරුවෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 60 හැවිරිදි කාත්තන්කුඩිය 02 මෙත්තා පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලියාර් නමැත්තෙකි.
ඔහු සහරාන් සමග මුදල් ගනුදෙනු සිදු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
සැකකරු රඳවා තබා ගෙන විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.