රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් මුදා හැරේ

රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන්ට රු. 4000ක දඩයක් නියම කෙරේ

by Staff writer 09-05-2019 | 12:27 PM
COLOMBO (News 1st) : රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් මහතා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 4000ක දඩයක් මත මුදා හැරීමට අද අධිකරණය නියෝග කළේ ය. ඒ සැකකරු, මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් මහතා පසුගිය දා මෙරටට පිටුවහල් කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළේදී කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු වැලිගම පොලීසියට භාර දුන්නේ ය. එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණේ ඔහුට අයත් මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.