පාර්ලිමේන්තු අවසර පත්‍ර ළඟ තබාගත් සැකකරු රිමාන්ඩ්

පාර්ලිමේන්තු අවසර පත්‍ර 6 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු යළි රිමාන්ඩ්

by Staff writer 09-05-2019 | 3:30 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු අවසර පත්‍ර 06 ක් සමග බලන්ගොඩ, කිරිමැටිතැන්නේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 24 වැනිදා පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මාර්ගයේ දල සැලැස්මක්, ජීව උණ්ඩ 02, සිම්කාඩ්පත් 13, ජංගම දුරකථන 03, බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් සොයා ගැනිණි. ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබු කැබ් රථය පරික්ෂා කිරීමේදී එහි ව්‍යාජ තහඩුවක් සකසා ඇති බවට ද පරික්ෂණවලදී හෙළි වී තිබේ. 27 හැවිරිදි එම සැකකරු කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.