by Staff writer 09-05-2019 | 2:38 PM
COLOMBO (News 1st) : දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගිය සුපුන් පුතා - 2 යාත්‍රාව සුළි කුණාටුවකට හසුව අතුරුදන්ව තිබේ.
සුපුන් පුතා - 2 යාත්‍රාව යාත්‍රාව පසුගිය මාර්තු 25 වෙනිදා ධිවරයින් 5 දෙනෙකු සමග මුහුදු ගොස් තිබුණි.
පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ, නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නියැලී සිටි ඔවුන් අප්‍රේල් 30 වැනි දා තම නිවෙස් වලට දුරකතන ඇමතුම් ලබාදුන් බවයි.
කෙසේ වෙතත් එදින රාත්‍රියේ සුපුන් පුතා- 2 යාත්‍රාව හා රාජා- 2 යාත්‍රාව සුළි කුණාටුවට හසුව තිබේ.
එහිදි මුහුදේ පෙරලී ඇති රාජා - 2 යාත්‍රාවේ සිටි ධීවරයින් චම්පා -7 ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් බේරාගෙන තිබිණ.
සුළි කුණාටුවට හසවු සුපුන් පුතා - 2 බොට්ටුවේ සිටි ධීවරයින් චම්පා -7 යත්‍රාව සමග සන්නිවේදන සබදතා පත්වා ගනිමින් ප්‍රකාශකර තිබුණේ, තම යාත්‍රාව කුණාටුවට හසුව ඇති බවයි.
කෙසේ වෙතත් ඉන්ටික වොලාවකට ඔවුන් සමග තිබූ සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබේ.
ඉන් පසු මේ දක්වා ඔවුන් පිළිබද තොරතුරක් ලැබී නොමැත.
https://www.youtube.com/watch?v=kRc_ilygieo