by Chathuranga Rajapaksha 09-05-2019 | 4:26 PM
COLOMBO (News 1st) : සතෙකුගේ වුවත් ජිවිතයක වටිනාකම මිලකළ නොහැකි යැයි යළිත් වරක් සමාජයට පසක් කර දෙමින් කැකිරාව ප්‍රදේශයේදී දිවි අහිමි වීමට ගිය කොකෙකු බේරා ගැනීමට පිරිසක් ඊයේ (08) සවස සමත් විය.
කැකිරාව, පොලීසිය පිහිටි භූමියේ ඇති ගස් 2ක් අතර රැඳුණු සරුංගලයක නූලක ඊයේ සවස කොකෙක් පැටලි තිබේ.
එය දුටු පොලීසිය සහ ප්‍රදේශවාසීන් එම කොකා නිදහස් කර ගැනීමට වහාම ක්‍රියාත්මක විය.
ඒ අනුව, සරුංගල් නූල රැඳී තිබූ ගසට පුද්ගලයෙකු නැග මහත් පරිශ්‍රමයක් දරා කොකා බිමට ගෙන එම නූල ගලවා දමනු ලැබිණි.
අවසානයේ පැය 03 ට ආසන්න කාලයක් පුරා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එම කොකා නිදහසේ පියඹා ගියේ රැස්ව සිටි සැමගේ සිත්වලට සතුටක්ද එක් කරමිනි.