ත්‍රිකුණාමලයේදී ධීවරයින් 9ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී ධීවරයින් 9ක් නාවික හමුදා අත්අඩංගුවට

by Staff writer 09-05-2019 | 2:44 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය බැක් බේ ප්‍රදේශයේ මසුන් ඇල්ලූ ධීවරයින් නවදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්‍රදේශය ධීවර කටයුතු සඳහා තහනම් කොට ඇති ප්‍රදේශයකි. නැගෙනහිර නාවික විධානයට අනියුක්ත නාවිකයින් පිරිසක් මුර සංචාරයක් අතරතුර මෙම ධීවයින් නව දෙනා අත්අඩංගුවට ගෙන තිබිණ. නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඔවුන් සන්තකයේ තිබු නීති විරෝධී ධීවර දැලැක් සහ අල්ලාගත් මසුන් කිලෝග්රෑම් 650ක් නාවික හමුදා භාරයට ගත් බවයි. ධීවරයින් ත්‍රීකුණාමලය,කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්වන් පිරිසකි. ධීවර ආම්පන්න ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට කටයුතු කර තිබේ. මේ අතර කල්අඩිච්චේනි ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. . නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඔවුන් සතුව තිබු ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් සිය භාරයට ගත් බවයි. සැකකරුවන් 27 සහ 44 හැවිරිදි සාම්පුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. සැකකරුවන් සහ ධීවර කටයුතු සඳහා යොදා ගත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දීමට නියමිතයි. https://www.youtube.com/watch?v=uFGQDbMDr2k