"ඇමති රිෂාඩ්ගේ වත්කම් ගැන වහා විමර්ශනයක් කරන්න"

ඇමති රිෂාඩ්ගේ වත්කම් ගැන වහා විමර්ශනයක් කරන්න - එස්.බී. දිසානායකගෙන් ඉල්ලීමක්

by Staff writer 09-05-2019 | 9:20 PM
COLOMBO (News 1st) - අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ගනුදෙනු හා ඇතැම් අපරාධ පිළිබඳව ද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ය. එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ රිෂාඩ් අලව්දීන් නමැති ව්‍යාපාරිකයා බදියුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික ධූරය හෙබවූ බවත් එම ව්‍යාපාරිකයාගේ දියණියක සිය දරුවන් දෙදෙනාත් සමග බෝම්බයක් පුපුරුවාගෙන මිය ගිය බවත් එස්.බී. දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ ය. මේ අතර මන්නාරමේ අක්කර 3550ක දූපතක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මිලදී ගෙන ඇති බව ද දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ ය. අද පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පළ කළ අදහස් පහතින් දැක්වේ.