by Staff writer 09-05-2019 | 3:51 PM
News 1st : ලිබියාවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයකට කඩා වැදුණු සටන්කාමීන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අයි.එස්. සටන්කාමීන් බවට සැක කරන කණ්ඩායමක් ලිබියාවේ, ඝාත්වා නගරයට ප්‍රහාර එල්ල කර ඇති බව ය.
දින 5ක් තුළ ලිබියාවට එල්ල වූ දෙවන අයි.එස්. සටන්කාමීන්ගේ ප්‍රහාරය මෙය වේ.
ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා එල්ල වූ සටන්කාමී ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 11 දෙනෙකු මිය ගියහ.
එම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සටන්කාමීන් විසින් භාරගනු ලැබ තිබේ.