පොලීසියට අල්ලස් දෙන්න හැදූ පුද්ගලයා අත්අඩංගුවට

OICට අල්ලස් දී තව්හීඩ් ජමාද් සමාජිකයා මුදා ගැනීමේ උත්සාහයක්

by Sagarika Chathumali 08-05-2019 | 11:27 AM
COLOMBO (News 1st) : අත්අඩංගුවේ පසුවන ජාතික තව්හීඩ් ජමාද් සංවිධානයේ සමාජිකයෙකු මුදා හැරීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහාමාරක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ , හොරොව්පතාන මුක්කරගම පදිංචිකරුවෙකි. මේ අතර අත්අඩංගුවට ගත් තව්හීඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.