by Staff writer 08-05-2019 | 2:01 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.
අද මරණ දඬුවම නියම වූයේ කොළඹ ආදුරුප්පු වීථිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකුටයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2015 වසරේ මාර්තු 12 වන දා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
ඔහුට නඩු පවරා තිබුණේ, හෙරොයින් ග්‍රෑම් 402 යි මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේයි.
ඔහු සන්තකයේ තිබූ ශුද්ධ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 34 යි මිලි 75 ක් බව අධිකරණයේදි අනාවරණය විය.
මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ජාවාරමේ නිරතවූ බවට සැක පිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ග්‍රෑන්ඩ්පාස්, දෙහිවල හා කොහුවල පොලිස් බල ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 16 කට ආසන්නයි.
සැකකරුවන් අද අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.