සරත් ඒන්. සිල්වා නඩුවෙන් විනිසුරු ජයවර්ධන ඉවත්වෙයි

සරත් ඒන්. සිල්වාට එරෙහි නඩුවෙන් විනිසුරු ජයවර්ධන ඉවත් වෙයි

by Staff writer 08-05-2019 | 1:48 PM
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු අගවිනිසුරු සරත් ඒන්. සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීමේ කටයුතුවලින් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද දැනුම් දුන්නේ ය. සරත් ඒන්. සිල්වා මහතා 2018 දෙසැම්බර් 3 වන දා මරදාන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී කළ ප්‍රකාශයක් මගින් අධිරණයට අපහස වී ඇති බැවින් ඔහුට ඒරෙහිව අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ නඩුවක් ගොනු කෙරිණ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු මහාචාර්යවරුන් තිදෙනෙකු විසින් ගොනුකළ මෙම නඩුව ප්‍රසන්න ජයවර්ධන මුර්තු ප්‍රනාන්දු හා ගාමිණ අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවී ය. පෙත්සම සලකා ලබන ජුනි 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේ ය. මෙම පෙත්සම සලකා බැලීම සඳහා මින් පෙර කැඳවු දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියාන්ත ජයවර්ධන මහතා ද පෞද්ගලික හේතුන් මත ඒම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත්ව තිබිණ.