අම්බලන්තොට නගරයේ නිහඬ විරෝධතාවක්

සරණාගතයින් පැමිණීමට විරෝධය පළ කරමින් අම්බලන්තොට නිහඬ විරෝධතාවක්

by Staff writer 08-05-2019 | 4:34 PM
COLOMBO (News 1st) - අම්බලන්තොට නගරයේ ව්‍යාපාරිකයින් අද නිහඬ විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධතාව පැවැත්වුණේ, පකිස්ථාන සරණාගතයින් පිරිසක් අම්බලන්තොට නගරයේ පදිංචි කරවීමේ රජයේ සූදානමක් ඇති බව පවසමිනි. අද නගරයේ කඩ සාප්පු හා පෞද්ගලික බැංකු වසා දමා තිබිණි. මේ හේතුවෙන් අම්බලන්තොට නගරය පාළු ස්වභාවයක් ඉසිලූ අතර නගරයේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා තිබේ.