වෙසක් සතිය නොපැවැත්වීමට රජයෙන් තීරණයක්

වෙසක් සතිය නොපැවැත්වීමට රජයෙන් තීරණයක්

by Staff writer 08-05-2019 | 9:03 AM
COLOMBO (News 1st) : මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී මෙම තීරණයට එළැඹි බවයි. මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ, දන්සල් ඇතුළු කටයුතු සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අංශවල උපදෙස් ලබා ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය. දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී මෙවර වෙසක් ජාතික උත්සවය පැවැත්වේ.