by Staff writer 08-05-2019 | 8:34 PM
COLOMBO (News 1st) - ඉකුත් අප්‍රේල් 26 වන දා බෝම්බ පිපිරීම් සිදු වූ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පැමිණියේ ය.
එහිදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමු වූ ජනාධිපතිතුමා කියා සිටියේ, ජනතාව අතර බිය සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැගීමට රාජ්‍ය නිලධාරීන් මැදිහත් විය යුතු බව ය.
සයින්දමර්දු ප්‍රදේශයට පැමිණීම වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනැමිණි.
ජනාධිපතිතුමා ප්‍රදේශවාසී තරුණ තරුණියන් සමග සුහද සාකච්ඡාවක ද නිරත විය.