පොලිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි

පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

by Staff writer 08-05-2019 | 1:36 PM
COLOMBO (News 1st) : පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ලබන 21 වන දා අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි අද අධිකරණය නියෝග කළේ ය. වැල්ලවත්තේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී  අධිකරණය එම නියෝගය නිකුත් කළේ ය. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවේ, ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දුන්නේ, සිය දියණිය හා පුත්‍රායා පසුගිය 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය බවත් ඒකි ත්‍රස්තවාදි ප්‍රහාරය ඒල්ල වී ඇත්තේ එය වැළැක්වීමට පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා නිසි පියවර නොගැනීම නිසා බවත් ය. ඒම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, වග උත්තරකාර පූජිත් ජයසුන්දර මහතා හෝ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පෙනී නොසිටින බවයි. ඒ අනුව ඔවුන්ට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේ ය.