by Staff writer 08-05-2019 | 9:22 PM
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඇතුළු තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
මොහු ආයතනයේ මුස්ලිම් සේවකයින් පමණක් කැඳවා රැස්වීමක් පැවත්වීම හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව මොවුන් අත්අඩංගුවට ගැනිණි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා සඟවා තිබූ භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගත් බව ය.
වෝකිටෝක යන්ත්‍ර 5ක්, ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් අඳින ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක්, ආලෝක සංඥා මුගුරු 3ක් සහ රථ වාහන පොලිස් නිලධාරීන් භාවිත කරන අත්වැසුම් 5ක් එලෙස සඟවා තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ.