උණ්ඩ 1000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ජීව උණ්ඩ 1000ක් සමග සැකකරුවෙකු නවගමුවේදී අත්අඩංගුවට

by Staff writer 08-05-2019 | 6:46 AM
COLOMBO (News 1st) : ජීව උණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් සමග සැකකරුවෙකු නවගමුව ප්‍රදෙශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, 38 හැවිරිදි සැකකරු යුද හමුදාවේ හිටපු සෙබළෙකු බවයි. යතුරු පැදියකින් රැගෙන යමින් සිටි මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ, නවගමුව පොලීසියේ පොලිස් මාර්ග බාධකයකදී නිලධාරීන් කළ පරීක්ෂාවකදීයි. සැකකරු සතුව තිබී සොයා ගත් උණ්ඩ අතර ටී - 56 උණ්ඩ 205 ක් , මිලිමීටර් නවය ජීව උණ්ඩ 640 ක් , ටී-56 පුහුණු උණ්ඩ 40 ක්  මෙන්ම ටී  - 56 මැගසින් දෙකක් , මිලිමීටර් නවය මැගසින් එකක් සහ වායු රයිෆලයක් ද වේ. මෙම උණ්ඩ සැකකරු යතුරු පැදියේ අසුන යට වෙන් වෙන් වශයෙන් බෑග්වල අසුරා එම බෑග් සියල්ල පොහොර උරයක බහා සුක්ෂ්මව සඟවා තිබූ බව පොලීසිය පවසයි.